නීති විරෝධී මත්පැන් ලීටර් 53යි මිලි ලීටර් 250ක් සමග පුද්ගලයෙකු හොරණ, සිදුරංගල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් වලට අමතරව මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 180ක් සැකකරු සන්තකයේ තිබී සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවය පත් සැකකරු 39හැවිරිදි වියේ පසුවන පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content