මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගත්තේය. මධ්‍යම පරිසර අධිකාරියට ලද රහසිගත තොරතුරක් මත පසුගියදා (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ අතර වැටලීමෙන් කිලෝග්රෑම් 1625ක පමණ ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයා ගැනීමට හැකි විය.

කැස්බෑව, කහපොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” නිෂ්පාදනය කරමින් තිබියදී මෙම වැටලීම සිදුකළ අතර එහි දී කිලෝග්රෑම් 1500ක පමණ ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයාගැනීමට හැකි විය. මේ අතර බෙල්ලන්විල, පන්සල පාරේ ලොරි රථයක ගබඩාකර තිබුණු කිලෝග්රෑම් 125ක ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් ද වැටලීමේ දී සොයා ගැනීමට හැකි විය. පාරිභෝගික සේවා අධිකාරිය එම සියලු නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොග අත්අඩංගුවට ගත්තේය. ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ කර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ ලොරි රථයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරයි.

WhatsApp Group

Skip to content