නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි මැතිවරණ කොමිසම සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කොමිසම පවසන්නේ , පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිටත් බලාත්මක බවයි
මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ එම නීතිය බලපවත්වන කාලය තුළ කිසිදු දේශපාලන පක්ෂයක් , අපේක්ෂකයින් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බවයි.

එසේ තිබියදී ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පලාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව එසේ දී ඇති පත්වීම් අවලංගු කරන ලෙසත් ලබාදීමට සූදානම් කර ඇති පත්වීම් පිරි නැමීමෙන් වළකින ලෙසත් පළාත් ආණ්ඩුකාරවරන්ට මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයාටද ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content