නීති විරෝධිව මෙරටට රැගෙන ආ උඳු කිලෝ 39,000ක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගුව පැවසුවේ පරිප්පු ලෙස හගවමින් මෙම උඳු තොගට මෙරටට රැගෙනවිත් ඇති බවයි.

කඩල පරිප්පු කිලෝ ග්‍රෑම් 48,000ක් ලෙස ප්‍රකාශ කර රේගු බදු ලෙස රුපියල් 482,550ක මුදලක් ගෙවා ආනයනය කළ බහාලුම් දෙකක තිබියදීයි මෙම උදු තොගය සොයාගෙන ඇත්තේ.

එහි වටිනාකම රුපියල් මිලියන 62ක් පමණ බව රේගුව සදහන් කළා.

අදාළ බහාලුම් පරීක්ෂා කිරීමකින් තොරව බැහරට ගියේ නම් රජයට රුපියල් ලක්ෂ 78ක මුදල් අහිමි වීමට තිබු බවයි රේගුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content