ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාල මගින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහිවී ඇති බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content