රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කලේ අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බවටයි.

බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත්, එතුලින් රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට ඉඩ සැලසෙන බව ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්.

WhatsApp Group

Skip to content