නීතිවිරෝධී ලෙස තඹ /පිත්තල සහ ඇලුමිනියම් රටින් පිටකිරීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආනයන සීමා හේතුවෙන් පසුගිය කාලය තුළ අදාළ අමුද්‍රව්‍ය මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ .

මේ හේතුවෙන් නීතිවිරෝධී ලෙස ඒවා රටින් පිට කිරීම ඉහළ ගොස් ඇති අතර එය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කලේ

එම ද්‍රව්‍ය ආනයන සහ අපනයනකරුවන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content