නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ගුවන් මගී කාන්තාවක ද සමග  09/27 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය දිවුලපිටිය , හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි .
ඇය 09/27 දින අලුයම 03.25 ට ඩුබායි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම විදේශීය නිෂ්පාදිත  ”මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 45,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 225 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
 මේ වනවිට මෙම ගුවන් මගී කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , මෙම කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය එළඹෙන 10/02 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

WhatsApp Group

Skip to content