නීති විරෝධීව කෘමිනාශක තොගයක් මෙරටට ගෙන ඒමට කටයුතු කළ පුද්ගයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට.

කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්‍රදේශ ඔස්සේ නීතිවිරෝධී ලෙස කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කල පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල උර 15ක අසුරන ලද කෘමිනාශක තොගය සමඟ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙම පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content