නීතියේ ආධිපත්‍යයේ බිදවැටීම රටේ ආර්ථිය අර්බුදයට හේතුවක් වු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

නීති සතිය පිළිබද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

නීති සතියේ සේවාව තවත් පුළුල් කිරීමට සියලු පාර්ශව එක්විය යුතු බවයි විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ.

එහි නායකත්වය ගෙන කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හැකියාව පවතින බවත් ඊට පුර්ණ සහයෝගය ලබා දීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/WIJAYADASA-RAJAPAKSHA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content