ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් යොමුකර තිබෙනවා.

ත්‍රස්ත මර්ධන කාර්යාංශය වෙනුවෙන් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම යොමු කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ වසන්ත මුදලිගේයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බව එම අභියාචනය තුළින් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content