නීතිපති, ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිවී ඇති බව වාර්තා වනවා.
මෙලෙස සේවා දිගුවක් ලබා දෙන ලෙස පසුගියදා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 18 වැනිදා නැවතත් රැස්වීමට නියමිතයි.
රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග අවසන්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ 2021 වර්ෂයේ මැයි මස 26 වැනිදා දිවුරුම් දෙනු ලැබුවා.

WhatsApp Group

Skip to content