නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ නැවත වරක් ප්‍රතික්ෂේප කළා.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණයි.
නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ පළමු වරට කළ නිර්දේශයද එම සභාව පසුගිය 18 වැනිදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content