නිසි සැලැස්මක් තුළින් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවිෂ්ට කරවීම වෙනුවෙන්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා සමගාමී වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීම සඳහා වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා හා වාණිජ දෙපාර්තමේන්තුව අතර සාකච්ඡාවක් ඊයේ (10) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගැනීමට විභවතා ඇති, විවිධ අංශ නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හදුනා ගැනීමත්, දීර්ඝ කාලීන සැලසුමක් යටතේ ඔවුන්ට අවශ්‍යය නිරන්තර තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා දීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම අවස්ථාව සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය හා වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

WhatsApp Group

Skip to content