නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිර වී ඇති බව රියදුරන් පවසනවා.

මෙලෙස සිර වී ඇති කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට රේගුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවටයි වාර්තා වන්නේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා කියා සිටියේ ආනයනික බහලුම් සංඛ්‍යාව මෙම දිනවල ඉහළ යාම හේතුවෙන් නිෂ්කාශන කටයුතු සිදු කිරීමට වැඩි කාලයක් යනු ඇති බවයි.

මේ වන විට සාමාන්‍ය මාර්ග පද්ධතියේ රථවාහන තදබදයක් ඇති නොවන පරිදි බහාලුම් නිදහස් කිරීමේ නව ක්‍රමවේදයක් රේගුව විසින් ආරම්භ කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

 

WhatsApp Group

Skip to content