දින 07ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ දරුවන් දෙදෙනා මුදලට අලෙවි කළ කාන්තාව සහ මිලදී ගත් කාන්තාවන් දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පොලිස් මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මේ සම්බන්ධයෙන් අදහස් පලකළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කිසිදු අවස්ථාවක රටේ පවතින නීතියෙන් බැහැරව දරුවන් හදාවඩා ගැනීම සිදු නොකළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/12/NIHAL-THALDUWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content