නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකාවලින් සිදු වූ අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා.

මෙහිදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වත්මන් තත්ත්වය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිව් ඩයමන්ඩ් නෞකාවේ වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර රට තුළ සීග්‍ර ලෙස පැතිර යමින් පවතින මත් උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සදහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබද කරුණු සොයා බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද අද දිනයේදී රැස්වීමට නියමිත බව සඳහන්.

WhatsApp Group

Skip to content