පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.

ගාල්ල තුවක්කුගලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් පෙරලීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු නිවසේ නිදාගෙන සිට තිබෙනවා.

මෙලෙස ජීවික්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 78ක පුද්ගලයෙක්.

මේ අතර දිවයිනට බලපා ඇති අහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ දක්වා පුද්ගලයින් පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පිඩාවට පත්ව සිටිනවා.

පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content