යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අදාළ ප්‍රහාරයෙන් නිවසේ සිටි එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ .

ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා .

මුහුණු ආවරණයකරගෙන පැමිණි පිරිසක් විසින් නිවසට පහරදී අලාභහානි සිදු කර මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

WhatsApp Group

Skip to content