ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර,  ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඊයේ පස්වරුවේ අදාල පුද්ගලයා සමඟ ඇති වු කථාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති අතර රාජකාරියට බධා කිරීම, අයුතු අවහිරය යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content