ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා .

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවයි .

කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් එම පත්‍රිකා ලබාගත හැකි බවයි රාජිත රණසිංහ මහතා සඳහන් කලේ .

WhatsApp Group

Skip to content