ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද =පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා මේ බව සඳහන් කලා.
දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් පමණ දිගකින් යුක්ත බවයි ඒ මහතා සඳහන් කලේ.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බවද සඳහන්.

WhatsApp Group

Skip to content