පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ඒ සදහා සේවකයින් 8000ක් පමණ යොදවා ඇති බවයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සදහා අද සිට විශේෂ දින තුනක් නම් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content