ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ හෙට සිට මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා විශේෂ දින තුනක්ද වෙන් කර තිබෙනවා.

හෙට දිනයේ, ලබන 31වනදා හා නොවැම්බර් 03වනදා යන දිනවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

WhatsApp Group

Skip to content