නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ.

WhatsApp Group

Skip to content