නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සදහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගෙන තිබෙනවා.

නීතිපතිවරයා විසින් අද ඒ බව අභියාචනාධිකරණයට ද දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද එම ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ගොනු කර තිබුණා.

ඒ අනුව පෙත්සම ලබන 26 වන දා යළි කැදවීමටයි අධිකරණය නියම කළේ.

WhatsApp Group

Skip to content