නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙව්නුවර යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

ඊයේ සිට අද උදෑසන දක්වා කාලය තුළ නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍ය ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබි ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content