පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට වරදකරු වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට රුපියල් මිලියන 75 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් නියම කර තිබුණා.

නමුත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා.

ඊට අදාළව කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතිසියකට අනුව නිලන්ත ජයවර්ධන මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

WhatsApp Group

Skip to content