නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන් .

එමෙන්ම සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ .

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ත් 60 ත් අතර ප්‍රමාණයක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

වොයිස් කට් – නිමල් බණ්ඩාර

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණිය සහ කළු ගඟෙහි කුඩා ගඟ උපද්‍රොණිය සඳහා නිකුත් කර තිබු ගංවතුර අනතුරු ඇඟවීම පැය 24කින් දීර්ඝ කර තිබෙනවා .

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර නිවේදනය ඉදිරි පැය 24 දක්වා එනම් හෙට රාත්‍රී 9 දක්වා දීර්ඝ කළ බවයි .

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content