පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා අද  සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු  මහතා පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් ලෙස තිබිය යුතු බවයි.

ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13යි දශම බිංදුවයි පහක් ලෙස අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පාන් ගෙඩියක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බව එහි සදහන්.

https://www.vnews.lk/storage/2024/02/NALIN-FERNANDO-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content