උතුරු පළාතට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් උතුරු පළාතේ කුඩා වැව් රැසක් සිදී ගොස් ඇති අතර, වැව්වල සිටින මාළු දහස් ගණනාවක් ඒ හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මුලතිව්,මාන්කුලම වැවේ ජලය සිදී යාම හේතුවෙන් වැවේ මාළු දහස් ගණනාවක් මියගොස් සිටි අයුරු මේ දිනවල දැක ගැනීමට හැකි බව වාර්තතා වෙනවා.

උතුරු පළාතට බලපා ඇති නියඟ හේතුවෙන් වගාවන්ට ජලය ලබා ගැනීමට නොහැකිව ගොවි ජනතාව අසරණව සිටින අතර, ඇතැමෙක් වගාවන් අතහැර දමා තිබෙනවා.

පවතින උණුසුම් තත්වය මත වැව්වල පවතින සීමිත ජල ප්‍රමාණය රත්වීමෙන් මාළුන් විශාල වශයෙන් මියයන බව ගොවි ජනතාව සඳහන් කරනවා.

මාන්කුලම වැවේ අඩි 14 ක ජල ධාරිතාවයක් පැවති නමුත්, මේ වන විට වැව පතුල පෙනෙන තෙක්ම සිදී ගොස් ඇති බව ප්‍දේශවාසීන් පවසනවා.

WhatsApp Group

Skip to content