නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 60,503ක් හානී වී තිබෙනවා.

ඒ හේතුවෙන් ගොවීන් 55,951 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වගා හානි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද එම අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන්.

ඒ අනුව මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තා වන වගා හානි ප්‍රමාණය අක්කර 4,479ක් වනවා.

මේ වනවිට වැඩිම වගා හානි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර , එම ප්‍රමාණය වක්කේ අක්කර 26,644 ක්.

WhatsApp Group

Skip to content