මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවමත් අවසාන තීරණයකට පැමිණ නොමැති බවයි ඒ මහතා සඳහන් කලේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවතී මාධ්‍ය හමුවකට එක වෙමින් එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළා.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බවයි.

WhatsApp Group

Skip to content