නිපා වෛරසයේ වැඩි අවදානමක් ශ්‍රී ලංකාවට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගින් හය දෙනෙකු පමණක් බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී නිපා වෛරසය ආසාදිතයින් වාර්තා වීම සිදුවු අතර එහිදී ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් තිබුණා.

නිපා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට කේරල ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි අවධානමක් නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content