ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තා වී ඇති ‘නිපා‘ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත් අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් .

මේ සම්බන්ධයෙන් පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක මහත්මිය සඳහන් කළේ නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නත් ක්‍රමයක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනය වී නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/09/JANAKI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content