නිපා වෛරසය පැතිර යන බවට වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආසාදන හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඇණවුම් කරන ලද පරීක්ෂණ කට්ටල ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර මෙම වෛරස් ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සබාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/SARANGA-SUMATHIPALA-EDIT-.mp3?_=1

මේ අතර කේරළයේ නීපා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මහා පරිමාණ පරීක්ෂණ ආරම්භ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

දකුණු ඉන්දීය ප්‍රාන්තය මේ වන විට වෛරස් ආසාදනවලින් මරණ දෙකක් වාර්තා කර ඇති අතර පුද්ගලයින් 700කට වැඩි පිරිසක් ධනාත්මක බව පරීක්ෂා කර නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content