හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට හොරොව්පොතාන  කන්තලේ රක්ෂිතයේ නිධන් හෑරූ සැකකරුවන්  පස්දෙනෙකු සහ නිධන් හෑරීමට යොදාගත් උපකරනත්  ඔවුන් පැමිනි වෑන් රියත්  හොරොව්පොතාන පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පොතාන පොලිස් ස්ථානයට අද 11 අලුයම 3ට පමන කන්තලේ රක්ෂිතයේ දෙඹටවෑව අලුත්ගම්මානයේ  කායංගොල්ලෑව ප්‍රදේශයේ ගල්තලාවක පිරිසක් විසින් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරක් මත කල වැටලීමකදී මෙම සැකකරුවන් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස  රක්ෂිතය තුල ගල්තලාවක අඩි 15ක් පමන වලක් හාරමින් සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ගල් විදින ග්‍රයින්ඩරයක්, ගල් කපන ග්‍රයින්ඩරයක්, ජෙනරේටරයක්, ඇමෝනියම් කිලෝ තුනක්, ජෙලට් නයිට් කූරු හතක්, කම්ප්‍රේශර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ හා ඔවුන් පැමිණි වෑන් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු  59, 28, 33, 54 සහ 47 හැවිරිදි වියේ පසුවන අතර මෙම සැකකරුවන් සූරියවැව. තනමල්විල, කුරුණෑගල, ඇඹිලිපිටිය, හොරොව්පොතාන, දෙමට වැව යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව සදහන්.

WhatsApp Group

Skip to content