නිදහස ජනතා සභාව සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මුලස්ථානයේදීයි.

මේ සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක , විජිත හේරත් සහ ලාල් කාන්ත යන මහත්වරුන් එක්ව සිටියා.

එමෙන්ම නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම , ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රිවරුන් මෙම සාකච්චාවට එක්වුණා.

අදාළ සාකච්ඡාවෙන් පසුව දෙපාර්ශවයේ නියෝජිතයින් මාධ්‍යට අදහස් පලකළා.

මැතිවරණ කල් දැමීමේ සදහා රජය දරන උත්සහයන් පරාජය කිරීම සදහා ප්‍රගතිශිලි පාර්ශව සමග එක්ව කටයුතු කරන බවයි මෙහිදී අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/ANURA-KUMARA-EDIT.mp3?_=1

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාලකයින්ට දේශපාලන පණිවිඩයක් ලබා දීමට මෙම එකගතාවන් තුළින් හැකිවනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/08/DALAS-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content