ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය එළඹෙන ජනාධිපතිවරණය ඉලක්කර ගනමින් පවත්වන පළමු ජන රැළිය අද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අම්බලන්තොට නගරයේදී නිදහස් පක්ෂයේ පළමු ජන රැළිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් ද කැදවා තිබුණා.

ඊට එක්වු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවත් පක්ෂ 23ක් පමණ සන්ධාන ගතව ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් ජන රැළිය අද පැවැත්වීමට නියමිතයි.

ඒ එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

මාතලේ රත්තොට නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.

WhatsApp Group

Skip to content