වගා ලිදක් හාරන මුවාවෙන් නිදන් වස්තු සෙවූ පුද්ගලයින් දෙදෙනෙකු අරලගංවිල ගල්එළිය රුහුණු ගම  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අර ගම්වල පොලිසිය පවසනවා.
ඊයේ සවස් වරුවේ අරලගංවිල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී වතුර මෝටරයක් ,පූජා භාණ්ඩ, යකඩ ඉනි ,උදලුතල ඇතුළු ආයුධ තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් ගල්තලාව අරලගන්විල යන ප්‍රදේශවල පදිංචි 42 සහ 53 හැවිරිදි වයස්වල පසුවන්න්න්නන්.
ඔවුන් අද  මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .
මේ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා .

WhatsApp Group

Skip to content