මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙගොඩවැව ප්‍රදේශයේ ආරන්‍ය සේනාසනයක විසු හිමි නමක් සහ අගලවත්ත හා ආඩියාගල පදිංචි වයස අවුරැදු 30ත් 60ත් අතර වියේ පසුවන පුදගලයන් හත් දෙනෙකි.

පුද්ගලයන් පිරිසක් මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටින බවට එම ගම්මානයේ පුද්ගලයන් පිරිසක් විසින් පොලිසියට සිදුකළ දැනුම් දිමක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් නිදන් කැණිම සදහා භවිතා කරන ලද උදළු,අලවංගු,තාච්චි වැනි උපකරණ කිහිපයක්ද මෙහිදි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

 

WhatsApp Group

Skip to content