දකුණු ඉතාලියේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී නැව් දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් 60 දෙනෙකුට වැඩි අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එලෙස අතුරුදන් වූ පිරිස අතර ළමුන් 26 දෙනෙකු සිට ඇති බව සඳහන්.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වලට අනුව 2014 වසරේ සිට සංක්‍රමණිකයන් 23,500ට වැඩි පිරිසක් මධ්‍යධරණී මුහුදේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content