ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා පැවසීය.

රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව ද ඒ මහතා අවධාරණය කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content