නැගෙනහිර පලාතේ  ගුරුවරුන්ට  උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින්  චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර ඉගැන්වීම තහනම් කරමිනුයි මෙම චක්‍රලේකය නිකුත් කර ඇත්තේ.

මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට මෙම චක්‍ර ලේඛයෙන් බලය පවරා තිබෙනවා.

WhatsApp Group

Skip to content