නැගෙනහිර කොළඹ මුලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) ඉදිකරන ලද දැඩිසත්කාර ඒකකයේ දෙවන අදියර සුව සේවා සත්කාර සඳහා එක් කිරීම ඊයේ (3) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අදියරේ ඉදිකිරීම සඳහා මුල්‍යමය දායකත්වය ව්‍යාපාරික දානපති ජී.එස්.විජේසිංහ මහත්මිය දරනු ලැබු අතර ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 20 කට අධිකය.

මෙයට අමතරව දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන විශේෂ නවීන වෛද්‍ය උපකරණ තොගයක් ද එතුමිය විසින් රෝහලට භාර දීමට කටයුතු කෙරිණි. එම වෛද්‍ය උපකරණවල වටිනාකම රුපියල් මිලියන10 කට අධීක වේ.

නව දැඩි සත්කාර ඒකකයේ ඇදන් ධාරිතාවය 5ක් වන අතර එක් දැඩිසත්කාර ඇදක් බෝවන රෝග වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ දී රෝගියා වෙන් කර තබා ගැනීමේ පහසුකම් සහිතව සකස් කර ඇත.

WhatsApp Group

Skip to content