නැගෙනහිර පළාත තුල  ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ එම කටයුතු කිසිවිටෙකත් වාර්ගික හා ආගමික පදනමින් සිදු නොකරන බවයි.

එසේම නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පාර්ශ්වවලට එරෙහිව පොලිසිය විසින් නීතිමය පියවර ගනු ඇති බවයි  ආණ්ඩුකාරවරයා අවධාරණය කලේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content