නැගෙනහිර ආසියාවේ ඛනිජ තෙල් වෙළෙදාම ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසන් මෙරට රජයට දැනුම් දී තිබෙනවා .

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීයි එම රජය විසින් අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ .

මේ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට අනතුරුව ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් සදහා අලෙවි කිරීමට නියමිත වනවා .

එමෙන්ම කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ ව්‍යාපෘතියක් මෙන්ම ශ්‍රී ලංකාවට එරටින් සිදු කරන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද මෙහිදී එකඟතාවය පළ කර තිබෙනවා .

WhatsApp Group

Skip to content