ඕමානයේ පැවැත්වෙන “නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ” තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ’ඒ’ කණ්ඩායම අතරයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7 ට පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

අද තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවයි ක්‍රිකට් විචාරකයක් පෙන්වා දෙන්නේ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

මේ වනවිට තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකරගෙන සිටිනවා.

ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

WhatsApp Group

Skip to content