මෙවර ජාතික පැළ රෝපණ නැකතේ දී ඵල දරන කුමන හෝ පැළයක් සිටුවන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නැකතට පැළ රෝපණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා ඇතුලු පාර්ලිමේන්තු නිලධාරි කණ්ඩායමට පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහනට එක් වෙමින්.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සිට්ටුව අනුව යමින්  ජාතික පැළ සිටුවීමේ නැකත මෙවර අප්‍රේල් මස 18 දින පෙරවරු 10.16ට යෙදී තිබේ

නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත යන තේමාව යටතේ මෙවරත් දිවයින පුරා පැළ රෝපණය කිරීමේ වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මෙහිදි අදහස් පළ කළ අමාත්‍යවරයා මෙවර ජාතික පැළ රෝපණ නැකතේ දී ඵල දරන කුමන හෝ පැළයක් සිටුවන ලෙසත්, ගෙවතු වගා වැඩ සටහනක් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කළේය.

WhatsApp Group

Skip to content