හඳුනා නොගත් පියාසර වස්තූන් හා ඒ හා සමාන සංසිද්ධි පිළිබඳව විමර්ශනය සඳහා නාසා ආයතනය නව අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා.

වොෂින්ටනයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බවයි.

පසුගියදා මෙක්සිකෝවේදී පිටසක්වල ජීවීන්ගේ සිරුරු දෙකක් පළමුවරට ප්‍රසිද්ධියේ නිරාවරණය කෙරුණා.

2017 වසරේ පේරු රාජ්‍යයෙන් හමු වූ පිටසක්වල ජීවින්ගේ සිරුරු දෙකක් මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර එම සිරුරු වසර 700 ත් 1800 ත් අතර කාලයක් පැරණි බවටයි හඳුනාගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content